Ubuntu කියන්නේ හැමෝම දන්න Linux OS එකක්නේ. එකේ default එන්නේ Unity Desktop Environment එක. Desktop Environment එකක් කියන්නේ සරලව කියනවා නම් අපිට පෙන view එක. OS එක run වෙන්නේ ඊට යටින්. ඒ වගේම මේ Desktop Environment එක අපිට වෙනස් කරගන්නත් පුළුවන්. මේ කියන්න හදන්නේ ඒ වගේ ජනප්‍රිය Desktop Environment එකක් install කරගන්න විදිය; KDE. KDE කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් දෙනෙක් use කරන DE එකක්. Ubuntu වල default එන Unity මෙන්න මේ වගේ.
දැන් කරන්න යන්නේ මේ වෙනුවට KDE install කරගන්න එක.
sudo apt-add-repository ppa:kubuntu-ppa/next-backports sudo apt-get update sudo apt-get dist-upgrade sudo apt-get install kubuntu-plasma5-desktop
මේකෙන් පස්සේ logout වෙන්න.
මෙතන click කරාම දැනට install කරලා තියන DE list එක එනවා. ඒකෙන් KDE select කරන්න. දැන් කලින් විදියටම password දීලා login වෙන්න. ඊටපස්සේ මේ වගේ UI එකක් load වෙයි.
Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer
Pingback: Ubuntu 14.04 වලට KDE දාමු | සතුටු වැස්ස බ්ලොග් කියවනය
පට්ටයි බ්රෝ එක නම්.