Linux වලට Adobe Photoshop CC install කරගන්න


මේ විස්තර කරන්න හදන්නේ linux වලට Adobe Photoshop CC  install කරගන්නේ කොහොමද කියලා. කාලයක් windows වල adobe products use කරපු කෙනෙක්ට linux වලදීත් තමන්ගේ සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම windows වල තරම් slow වෙන්නෙත් නෑ apps. මේකෙදි කරන්නේ windows වල වැඩ කරන Photoshop app එක linux වල install කරගන්න එක. සාමාන්‍යයෙන් windows exe files වලට linux support කරන්නේ නැහැ. මේකට විසදුමක් විදියට තමයි WINE නිර්මාණය උනේ, WINE කියන එක කෙටියෙදුමක්, Wine Is Not an Emulator කියන එක තමයි තේරුම.

මුලින්ම කරන්න ඕන wine install කරගන්න එක.

sudo add-apt-repository ppa:ubuntu-wine/ppa
sudo apt-get update
sudo apt-get install -y wine1.7

කැමති නම් terminal එකෙන් නැතුව software center එකෙනුත් ගන්න පුළුවන්. wine කියලා search කරාම wine windows program loader එක install කරගන්න. photoshop නැත්තන් මෙතනින් අරගන්න. දැන් wine දාගත්තට පස්සේ  Photoshop app එකේ exe එක right click කරලා open in wine program loader දෙන්න. දැන් installation window එක ආවට පස්සේ location එක select කරගන්න ඕන install කරන්න. දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි.

ඊටපස්සේ terminal එකේ winecfg කියල command එක දෙන්න. දැන් wine configuration open වෙයි. එතනින් add application ගිහින් app එකේ exe එක select කරගන්න. ඊටපස්සේ windows version එක විදියට windows 8 දෙන්න. exe එක run කරලා බලන්න double click කරලා. windows වල වගේම execute වෙනවා.

Screenshot from 2015-05-29 08:26:23

දැන් කැමති නම් desktop shortcut, dock එකට, unity launcher එකට ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තම icon එක unidentified විදියට තියෙන්නේ. ඒක හදන්නේ කොහොමද කියලා බලමු දැන්.

මේකට nautilus file manager එක ඕන වෙනවා.

sudo add-apt-repository ppa:vascofalves/gnome-backports
sudo apt-get update
sudo apt-get install nautilus

දැන් terminal එකේ nautilus කියල command එක දෙන්න.

ඊටපස්සේ nautilus වලින් exe එක තියන තැනට යන්න. photoshop.exe එකේ right click කරලා properties select කරගන්න.

Screenshot from 2015-05-30 14:28:47

මෙතනින් top-left icon එක select කරලා කැමති icon ekak add කරගන්න. (ex :png file එකක්). දැන් වැඩේ හරි. icon එකත් වෙනස් වෙලා ඇති.

dhanushkablog-adobepscc

 

Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer

FOSS වලට ජයවේවා !!

Advertisements

3 thoughts on “Linux වලට Adobe Photoshop CC install කරගන්න

  1. Pingback: Linux වලට Adobe Photoshop CC install කරගන්න | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s