Java සමග Mysql Database එකක් භාවිතා කිරීම – 1


Java,php වගේ programming language ගොඩක් එක්ක Mysql use කරන්න පුළුවන්.මේකෙදි Netbeans වගේ IDE එකක් use කරනවා නම් ගොඩක් ලේසි වෙනවා.eclipse වගේ එකක් උනත් ප්‍රශ්නයක් නැහැ.නමුත් GUI(Graphical User Interface) එකක් use කරනවා නම් Netbeans IDE එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.මේ වැඩේ කරන්න කලින් Mysql config කරලා Database හදාගෙන ඉන්න ඕන.mysql install කරගන්න මෙතනින් බලන්න පුළුවන්.

මම විස්තර කරන්නේ Netbeans IDE එකෙන්.

මුලින්ම අලුත් Java Project එකක් create කරගන්න.ඒක myApp විදියට නම් කරගන්න.

දැන් කරන්න තියෙන්නේ mysql java එක්ක connect කරන එක, මේකට අපි mysql java connecter එක use කරනවා.ඒක මෙතනින් ගන්න.ඊටපස්සේ project එකේ Libraries වල right click කරලා Add JAR/Folder… දෙන්න.ඊටපස්සේ connector එක තෝරලා දෙන්න.

දැන් අලුත් java class එකක් create කරලා ඒක DB කියලා නම් කරගන්න.ඒකෙ මේ code එක paste කරගන්න.

import java.sql.DriverManager;
import java.sql.Connection;

public class DB {
 static String url = "jdbc:mysql://localhost:3306/yourDBname";
 static String user = "root";
 static String pass = "1110";
 static String driver = "com.mysql.jdbc.Driver";
 
 static Connection con;
 
 public static Connection getcon() throws Exception{
 if(con == null){
 Class.forName(driver);
 con = DriverManager.getConnection(url, user, pass);
 }
 return con;
 }
}

මෙතැන user කියන තැන තියෙන්න ඕන ඔයාගේ mysql user name එක.ඊටපස්සේ තියෙන්නේ password එක.password එකක් නැත්නම් මේ විදියට (“”) හිස් තියන්න.

url එකේ /localhost:3306, මේකෙන් කියන්නේ ඔයාගේ PC එකේ 3306 port එක mysql server එක use කරනවා කියලා, දීලා තියෙන්නේ වෙන port එකක් නම් code එක වෙනස් වෙන්න ඕන අදාළ port එකට අනුව.

දැන් කරන්න ඕන database එකෙන් data ගන්න විදිය, data දාන විදිය බලන එක.ඒක මීළඟ post එකෙන් විස්තර කරන්නම්.

Advertisements

6 thoughts on “Java සමග Mysql Database එකක් භාවිතා කිරීම – 1

  1. Pingback: Java සමග Mysql Database එකක් භාවිතා කිරීම – 2 | dhanushka's blog

  2. Pingback: Connect to a MySQL Database Using PHP (+ video) | dhanushka's blog

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s